1. ඉලෙක්ට්‍රොනික් ගැන මුල ඉදන් ඉගෙන ගන්න කැමතිද ? වැඩි ඉල්ලීම මත ලගදීම් ආරම්භ කරයි.
  2. ලිපි සෙවීම සදහා පටුන බාවිතා කරන්න.
  3. අපගේ රසික පිටු වලට සම්බන්ද වී අලුත් ලිපි ඉක්මනින් ලබා ගන්න.
  4. විද්‍යුත් තැපෑල මගින් අලුත් ලිපි ඉක්මනින් ලබා ගන්න.
  5. ඔබට අවශ්‍ය ලිපි, ඔබගේ ප්‍රශ්න, අදහස් හා යෝජනා අදහස් | යෝජනා | චෝදනා පිටුවට එක් කරන්න.
  6. අපගේ Chrome Extension එක Download කර ගන්න.

Monday, April 22, 2013

වෙබ් පිටුවේ වචන Highlight කිරීම සහ Right Click කිරීමේ හැකියාව නැති කරන ආකාරය. | How To Disable Right Click And Highlight.




දැන් මම කියන්න යන්නේ කොහොමද වෙබ් පිටුවේ වචන Highlight  කිරීම සහ Click Right කිරීමේ හැකියාව නැති කරන්නේ කියලා.මෙය Blog ලියන අයටත් Website ඇති අයටත් වැදගත් වෙනවා.ඔබත් Blog එකක් කරන කෙනෙක් නම් දන්නවා කොච්චර අමාරුවෙන්ද Post එකක් දන්නේ කියලා.අමාරුවෙන් දාන Post එක වෙන කෙනෙක් Copy කරගෙන තමන්ගේ Blog එකේ තමන් ලියපු එකක් වගේ දානවට කැමතිද ? කවුරුවත් කැමති නැ.එක නිසා එය නැවත්වීමට Blog එකේ හෝ Website එකේ ඇති වචන Highlight  කිරීම සහ Click Right කිරීමේ හැකියාව නැති කල යුතුය.එවිට එය Copy කරගැනීමට හැකියාවක් නැ.

දැන් බලමු එය කරන්නේ කොහොමද කියලා.පහල ඇති Download එක Click කර JavaScript Code එක ඔබගේ Blog එකේ හෝ Web Site එකේ දාන්න.එවිට Blog එකේ හෝ Website එකේ ඇති වචන Highlight  කිරීම සහ Click Right කිරීමේ හැකියාව නැති වේ.

Code එක දාන ආකාරය දැන් බලමු.


Blog එකට දැමීමේදී ආකාර දෙකකට දාන්න පුළුවන්.එකක් HTML/JavaScript Gadget එකක් ලෙස දමා එම Code එක දැමීම.අනිත් එක Template එක Edit කරන තැනට ගිහින් </HEAD> කියන Tag එකට උඩින එම Code එක දැමීමයි.Website එකකට දැමීමේදී නම් </HEAD> කියන Tag එකට උඩින එම Code එක දැමිය යුතුය.

1.HTML/JavaScript Gadget එකක් ලෙස දමා එම Code එක දාන ආකාරය.


1.Blog එකට Log වෙන්න.
2.Layout කියන එකට යන්න.
3.එහි ඕනෑම තැනක ඇති Add a Gadget එක Click කර HTML/JavaScript කියන Gadget එක ගන්න.
4.දැන් ලැබෙන Window එකේ Title කියන එකට කැමති නමක් යොදා හෝ යොදන්නේ නැතුව Content කියන තැනට Code එක Copy - Paste කරන්න.
5.දැන් Save Button එක Click කර Highlight  කිරීම සහ Click Right කිරීමේ හැකියාව නැති වී දැයි Blog එකට ගිහින් බලන්න.

2.Blog එකේ </HEAD> කියන Tag එකට උඩින එම Code එක දාන ආකාරය.


1.Blog එකට Log වෙන්න.
2.Template කියන එකට යන්න.
3.එහි ඇති Edit HTML එක Click කරන්න.
4.දැන් Blog එකේ ඇති HTML Codes ටික පෙන්වයි.
5.එම Codes වල </HEAD> කියන Tag එක හොයන්න.( Ctrl + F Click කිරීමෙන් ලැබෙන Find Box එකෙන් ලෙහෙසියෙන් සොයාගත හැක. )
6.එම </HEAD> කියන Tag එකට උඩින Code එක Copy - Paste කරන්න.
7.දැන් Save Button එක Click කර Highlight  කිරීම සහ Click Right කිරීමේ හැකියාව නැති වී දැයි Blog එකට ගිහින් බලන්න.

3.Website එකේ </HEAD> කියන Tag එකට උඩින එම Code එක දාන ආකාරය.


1.Website එකේ Page එක Edit කරන තැනට යන්න.
2.එහි ඇති </HEAD> කියන Tag එකට උඩින Code එක Copy - Paste කරන්න.
3.දැන් Save Button එක Click කර Highlight  කිරීම සහ Click Right කිරීමේ හැකියාව නැති වී දැයි Blog එකට ගිහින් බලන්න.



මම හිතන්නේ මේ ලිපිය Blog තියන අයටත් Website තියන අයටත් වැදගත් වෙන්නැති කියලා.ලිපි Copy කිරීම වැලැක්වීම සදහා.


© මෙම ලිපියේ අයිතිය ලිපි ගබඩාවේ ඇඩ්මින් සතු වේ. 

මෙම ලිපියට කැමතිද ?

මෙම ලිපියේ තරාතිරම :
{[['', '']]}
{["Useless", "Boring", "Need more details", "Perfect"]}

මෙම ලිපිය අනිත් අයටත් බෙදා දෙන්න :

ඔබගේ අදහස් , යෝජනා , චෝදනා පහලින් සදහන් කරන්න.
අදහස් යි.
අදහස් 0 යි.
.
.

No comments:

Post a Comment

.