1. ඉලෙක්ට්‍රොනික් ගැන මුල ඉදන් ඉගෙන ගන්න කැමතිද ? වැඩි ඉල්ලීම මත ලගදීම් ආරම්භ කරයි.
  2. ලිපි සෙවීම සදහා පටුන බාවිතා කරන්න.
  3. අපගේ රසික පිටු වලට සම්බන්ද වී අලුත් ලිපි ඉක්මනින් ලබා ගන්න.
  4. විද්‍යුත් තැපෑල මගින් අලුත් ලිපි ඉක්මනින් ලබා ගන්න.
  5. ඔබට අවශ්‍ය ලිපි, ඔබගේ ප්‍රශ්න, අදහස් හා යෝජනා අදහස් | යෝජනා | චෝදනා පිටුවට එක් කරන්න.
  6. අපගේ Chrome Extension එක Download කර ගන්න.

Saturday, August 10, 2013

Electronic හැදින්වීම. - ලිපි අංක 1 ( Sinhala ) | Electronic Introduction.



ඉලෙක්ට්‍රොනික්ස් වලට ආස කරන අයට උදව්වක් වශයෙන් ඉලෙක්ට්‍රොනික්ස් ගැන ලිපි ගෙන ඒමට බලාපොරොත්තුවේ. ඔබට තියන ප්‍රශ්න සැම ලිපියකටම පහලින් Comment කරන්න.ඔබගේ අදහස් ද දක්වන්න එමගින් මෙම ලිපි ලියන්න ලොකු පන්නරයක් ලැබේ.සැම ලිපියක්ම යාවත්කලින් වේ. මම මෙම ලිපි ලියු පසුව අලුත් තොරතුරු ලැබුනොත් ලිපි වලට ඇතුලත් කරලා පහල ඇති Last Update Date එක වෙනස් කරනවා අලුතෙන් යාවත්කාලින කරපු දිනයට. ඔබට යාවත්කාලින කරපු ලිපි මොනවද කියලා News තියන තැනින් දැක ගන්න පුළුවන්.

මුලින්ම අපි මුලික දේවල් ටික බලමු. ඒවා නම් Current , Voltage යන ඒවාය.

Current එක සහ Voltage එක කියන්නේ මොකක්ද ?


අපි දන්නවා මුලිකවම ඉලෙක්රෝන ප්‍රෝටෝන නිවුට්‍රොන කියලා ජාති තුනක් තියනවා කියලා. ඒවා වල ආරෝපණයක් තියනවා කියලත් දන්නවා.

  1. ඉලෙක්රෝන වල ඍන අරෝපනයක් තියනවා.
  2. ප්‍රෝටෝන වල ධන අරෝපනයක් තියනවා.
  3. නිවුට්‍රොන වල අරෝපනයක් නැ.

දැන් අපි බලමු Voltage කියන්නේ මොකක් ද කියලා. Voltage එක කියන්නේ යම් තැනක තියන අරෝපණ ප්‍රමාණය.සාමාන්නයෙන් අපි බලන්නේ ධන ආරෝපණ ප්‍රමාණයයි. ඒ කියන්නේ ප්‍රෝටෝන ප්‍රමාණයයි.  අපිට යම් තැනක තියන Voltage එක උපකරණයකින් මනින්න බැ. අපිට මනින්න පුළුවන් තව තැනක ඇති Voltage අතර ඇති සාපේක්ෂ වෙනස විතරයි. Voltage මනින ඒකකය Volt වේ. කෙටියෙන් V කියලා දායි. උදාහරණයක් ගන්නවා නම් Voltage එක 5 නම් 5V ලෙස සදහන් කරයි.

Voltage අර්ථ දැකීම...
" සන්නයකයේ එක් ලක්ෂ්‍යයක සිට අනෙක් ලක්ෂ්‍යය දක්වා ඒකීය ධන අරෝපනයක් ගමන් ගැනීමේදී විද්‍යුත් බල මගින් කෙරෙන කාර්යය එම ලක්ෂ්‍යය අතර ඇති Voltage  එක ලෙස අර්ථ දැක්වේ. "

දැන් අපි බලමු Current එක කියන්නේ මොකක්ද කියලා. Current එක කියන්නේ Voltage වෙනසක් නිසා Voltage එක වැඩි තැනෙ සිට අඩු තැනට ආරෝපණ ගමන් කිරීමයි. ඒ කියන්නේ ආරෝපණ වැඩි තැනෙ සිට අඩු තැනට ආරෝපණ ගමන් කිරීමයි.සාමාන්නයෙන් අපි බලන්නේ ධන ආරෝපණ ගැනයි. ඒ කියන්නේ + සිට - දක්වා ආරෝපණ ගමන් කරනවා කියලයි ( Battery එකක හිතන්න ). Current එක මනින ඒකකය Ampere වේ. කෙටියෙන් A කියලා දායි. උදාහරණයක් ගන්නවා නම් Current එක 5 නම් 5A ලෙස සදහන් කරයි. Current එක ෛදෛශික ( Vector ) වේ. Current එකට විශලත්වයි වගේම දිශාවකුත් තියනවා. Current යන දිශාව වැදගත් වේ. ඒම දිශාවෙන්  අපිට මොන පැත්තේද Voltage එක වැඩි අඩු කියලා හොයා ගන්න පුළුවන්. Current එක යන්නේ Voltage එක වැඩි තැනෙ ඉදන් අඩු තැනට නිසා. දිශාව Voltage වැඩි පැත්තේ සිට Voltage අඩු පැත්තට වේ.

Current අර්ථ දැක්වීම...
" සන්නායකයක යම් හරස්කඩක් තුලින් ආරෝපණ ගලා යාමේ සීග්‍රතාවය හෙවත් තප්පර 1 කදී ගලයන ආරෝපණ ප්‍රමාණය Current එක ලෙස අර්ථ දැක්වේ. " 

Current එක සහ Voltage එක මනින කොහොමද ? 


Voltage එක මනින්න පුළුවන් voltmeter එකෙන්. Current එක මනින්න පුළුවන් ameter සහ galvanometer දෙකෙන්ම. Voltage එක සහ Current එක යන දෙකම multimeter එකෙන් මනින්න පුළුවන්. එක ගන්න එක හොදයි. දෙකම මනින්න පුළුවන් නිසා.

Voltage එක මනිද්දී අපිට මනින්න වෙන්නේ Voltage අතර ඇති සාපේක්ෂ වෙනස විතරයි. එහෙම මනිද්දී මනින උපකරණය තියන ආකාරය පහත රුපයේ දැක්වේ. පහත රුපයේ ආකාරයට තිබ්බහම පේනවා ඇති Voltage වෙනසක් ඇති තැන් වල තියල තියෙන්නේ කියලා. R1 කියන එක දෙපැත්තෙන් තියලා තියෙන්නේ එතකොට ලැබෙන Volt ප්‍රමාණය ලැබෙන්නේ R1 එකේ ගැනයි. ඒ කියන්නේ R1 එක නිසා කොච්චර Volt ප්‍රමාණයක් අඩු වෙලාද කියලා පෙන්නනේ.උදාහරණයකට ගමු multimeter එකේ පෙන්නුවේ 2V කියලනම් R1 එකේ දෙපතෙතේ Voltage වෙනස 2V වේ. ඒ කියන්නේ මම වම් පැත්තේ 5V battery එකක් දිලා තියනවා දකුණු පැත්තේ තියන Voltage එක 3V වේ. මොකද වම් පැත්තෙයි දකුණු පැත්තෙයි තියන Voltage එකේ වෙනස 2V වෙන්න ඕනේ නිසා සාපේක්ෂව.


දැන් පහත රුපය බලන්න. මෙහෙම තිබ්බහම Voltage වෙනසක් තියනවද ? නැ. මොකද එකම Wire එකේ තියල තියෙන්නේ.


Current එක මනිද්දී පහත රුපයේ ආකාරයට තැබිය යුතුය. මොකද Current එක කියන්නේ ආරෝපණය වැඩි තැනේ සිට අඩු තැනට යන එකයි එක මනිද්දී එක යන Wire එක තැනකින් පහත රුපයේ ආකාරයට සම්බන්ද කර multimeter එක ඇතුලෙන් ආරෝපණ ගමන් කිරීමට ඉඩ දිය යුතුය එවිට කොචර යනවද කියලා මනින්න පුළුවන්ය.

දැන් දන්නවා ඇති කොහොමද Current එකයි Voltage එකයි මනින්නේ කොහොමද කොහොමද මනින උපකරණය තියන්නේ කියලා.

Last Update Date : 8/10/2013

© මෙම ලිපියේ අයිතිය ලිපි ගබඩාවේ ඇඩ්මින් සතු වේ. 

මෙම ලිපියට කැමතිද ?

මෙම ලිපියේ තරාතිරම :
{[['', '']]}
{["Useless", "Boring", "Need more details", "Perfect"]}

මෙම ලිපිය අනිත් අයටත් බෙදා දෙන්න :

ඔබගේ අදහස් , යෝජනා , චෝදනා පහලින් සදහන් කරන්න.
අදහස් යි.
අදහස් 0 යි.
.
.

No comments:

Post a Comment

.