1. ඉලෙක්ට්‍රොනික් ගැන මුල ඉදන් ඉගෙන ගන්න කැමතිද ? වැඩි ඉල්ලීම මත ලගදීම් ආරම්භ කරයි.
  2. ලිපි සෙවීම සදහා පටුන බාවිතා කරන්න.
  3. අපගේ රසික පිටු වලට සම්බන්ද වී අලුත් ලිපි ඉක්මනින් ලබා ගන්න.
  4. විද්‍යුත් තැපෑල මගින් අලුත් ලිපි ඉක්මනින් ලබා ගන්න.
  5. ඔබට අවශ්‍ය ලිපි, ඔබගේ ප්‍රශ්න, අදහස් හා යෝජනා අදහස් | යෝජනා | චෝදනා පිටුවට එක් කරන්න.
  6. අපගේ Chrome Extension එක Download කර ගන්න.

Saturday, February 11, 2012

පරිගණක දෙකක් නෙට්වර්ක් කිරීම (Networking) සහ එමගින් ප්‍රයෝජන ගැනීම.( 1වන නිබන්දනය )


ඔන්න යාලුවනේ අද මම කියන්න යන්නේ පරිගණක දෙකක් තියන කෙනෙකුට කළහැකි දේවල් ගැනයි.ඒ තමයි පරිගණක දෙකක් නෙට්වර්ක් කර ගෙන ගතහැකි ප්‍රොයෝජන ගැනයි.ඕනෑම අයකුට ලේසියෙන් කරන්න පුළුවන්.පරිගණක දෙකකට වඩා වැඩි ගණනක් නෙට්වර්ක් කිරීමට විශේෂ දැනුමක් අවශ්ෂය වෙනවා.නෙට්වර්ක් කිරීම යන්නෙන් අදහස් කරන්නේ පරිගණක දෙකක් හෝ ඊට වැඩි ගණනක එකිනෙක සම්බන්ද කිරීමයි.නෙට්වර්ක් කිරීම මගින් ඇතිවන ප්‍රදාන වාසිය වන්නේ එක පරිගනකයක තිබෙන දත්ත(data) අනිත් පරිගණකයට ලේසියෙන්ම ලබා දියහැකි වීමය.දැන් අපි බලමු පරිගණක දෙකක් නෙට්වර්ක් ඇති විට ගන්න පුළුවන් ප්‍රයෝජන ගැන.


  1. එක පරිගණකයකින් අනිත් පරිගණකයේ වැඩ කරන පුද්ගලයා සමග කතා කිරීමට හැකිය.
  2. වීඩියෝ, ඩොකියුමනට් සහ වෙනත් ෆයිල් ෂෙයාර් කිරීමට හැකි වීම.
  3. චැට් කිරීමට හැකි වීම.
  4. පරිගණක වැඩසටහන් ෂෙයාර් කිරීමට හැකි වීම.
  5. ඔන්ලයින් වයිට්බෝඩ් ක්‍රමය යොදා ගෙන තොරතුරු හුවමාරු කිරීමට හැකි වීම.
  6. සර්වරයක (Server) ලෙස යොදා ගැනීමට හැකි වීම.(මෙම ක්‍රමය බාවිතා කරන්නේ පරිගණක දෙකෙන් එක පරිගණකයක් බාවිතා නොකරන විටය.උදාහරණයක් කියනවනම් ඔබ ගාව පරණ පරිගණකයක් (වේගය අඩු , අද කාලෙට ගලපෙන්නැති පරිගණකයක් ) ඇති විට මෙය බාවිතා කල හැක.ඔබට අවශ්‍යනම් හොද එකක් වුනත් බවිතා කල හැක එක ඔබේ කැමැත්තය.)
  7. ප්‍රින්ටර් එක හුවමාරු කරගත හැකි වීම.
  8. දෙදෙනෙකු අතරේ පරිගණක ක්‍රීඩා කිරීමට හැකි වීම.
ඒවා තමයි බහුලව වශයෙන් බාවිතා කරන ප්‍රයෝජන.මේ ප්‍රයෝජන ඉටුකර ගැනීමට මුලික වශයෙන් කලයුතු දෙයක් තිබේ.ඒ තමයි පරිගණක දෙක නෙට්වර්ක් කර ගැනීම.

අපි දැන් බලමු නෙට්වර්ක් කරගන්න හැටි.

මේ වැඩේට අවශ්‍ය වන්නේ මොනවද කියල පළමුව බලමු , -----------------------------------------------

  • පළමුවෙන්ම අවශ්‍ය වන්නේ ජාල ගත කිරීමට යන පරිගණක දෙකේම වැඩකරන නෙට්වර්ක් කාර්ඩ් (network card) තිබිමය.එක නැතිනම් අමතරව මිලදී ගෙන සවි කර ගන්නට පුළුවන්.මෙය RJ45 පෝට් එක , නෙට්වර්ක් පෝට් එක , NIC (network interfaace card) යන නම් වලින් හදුන්වයි.පහත රුපයේ තිබෙන්නේ නෙට්වර්ක් කාර්ඩ් එකකි.නෙට්වර්ක් කාර්ඩ් එකේ මුහුණත දුරකතනයට රැහැන් සවි කරන පොර්ට් එකට සමාන හැඩයක් තියන ඊට වඩා පොඩ්ඩක් ලොකු එකකි.
දැන් අපි බලමු නෙට්වර්ක් කාර්ඩ් එක සවි කරගන්නා ආකාරය,

සිස්ටම් යුනිට් එකෙහි කේසින් එක ගලවා ගන්න.ඉන් පස්සේ මදර්බෝඩ් එක තුල ඇති PCI ස්ලොට් එක වෙතට නෙට්වර්ක් කාඩ් සවි සවිකරගත යුතුය.පහත රුපයේ දැක්වෙන්නේ එම ස්ලොට් එකයි.

නෙට්වර්ක් කාඩ් එක සවි කරන විට එම ස්ලොට් එකට ඉස්සරහ තියන කේසින් එකට අදාල තහඩු කොටස ගලවා ඉවත් කරන්න.දැන් කාඩ් එක ඊට ගැලපෙන ස්ලොට් එක මත තබා තද කර සවි කරහ්ගන්න.(කාඩ් එකේ මුහුණ අපි ගලවපු කේසින් එකේ එලියට සිටින සේ.)

දැන් අපි බලන්න ඕනේ ඩ්‍රයිවර්ස් නිසි පරිදි ඉන්ස්ටෝල් වී ඇත්දැයි,

ඒ සදහා පරිගණකය පනගන්වා My Computer එක රයිට් ක්ලික් කර ලැබෙන මෙනු එකේ Properties එකට යන්න.එවිට ලැබෙන System Properties එකේ  Hardware ටැබ් එකේ Device Manager යන එකේ Device Manager බට්න් එක ක්ලික් කරන්න.එවිට එන Network adapters යටතේ Ethernet Adapter ලෙස සදහන්ව හෝ සවි කරපු එකේ ජාතියේ නම වැටි ඇති ඩ්‍රයිව් එකක් ඉන්ස්ටෝල් වී ඇත්දැයි බලන්න.
( My computer -----> Properties ------> System Properties -----> Hardware ----> Device Manager ---> Device Manager -----> Network Adapters ----> Ethernet Adapter )
Network adapters යටතේ Ethernet Adapter ලෙස හෝ සවි කරපු එකේ ජාතියේ නම වැටි ඇත්නම් එය ඉන්ස්ටෝල් වී තිබේ.එසේ නැතිනම් එය ඉන්ස්ටෝල් වී නොමැත.එවිට කල යුත්තේ මදබෝඩ් එකෙහි ඩ්‍රයිවර්ස් සිඩි එකෙන්ද වෙනම ගත්ත නෙට්වර්ක් කාඩ් එකක් නම් එකත් එක්ක ලැබුණු ඩ්‍රයිවර්ස් සිඩි එකෙන් ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කර ගැනීමයි.සමහර අවස්ථා වලදී වින්ඩෝස් සමග නෙට්වර්ක් කාර්ඩ් එක සමග සහය වන ඩ්‍රයිවර්ස් ඇති බැවින් එය නිතැතින්ම ලබාගන්නට පුළුවන්.මේ ආකාර වලට ඩ්‍රයිවර්ස් ලබාගැනීමට නොහැකි වුනානම් ඔබගේ නෙට්වර්ක් කාර්ඩ් එකට අදාල වෙබ් පිටුවට ගොස් ඩ්‍රයිවර්ස් ලබාගත යුතුය.

  • දෙවනියට අවශ්‍ය වන්නේ ක්‍රොස්ඔවර් නෙට්වර්ක් කේබලයක්(crossover network cable).ඒකෙන් තමඉ පරිගණක දෙක සම්බන්ද කරන්නේ.දැන් යාළුවන් බලනවා ඇති නෙට්වර්ක් කේබල් කියන්නෙත් මේවද කියලා.නැ නෙට්වර්ක් කේබල් කියන්නේ මේවට නෙමේ.සාමාන්‍යයෙන් නෙට්වර්ක් කේබලයකදී එහි ඇති කුඩා කේබල සියල්ල දෙකෙලවර ඇති කනෙක්ටර් එකට සම්බන්ද වෙන්නේ එකම රටාවකටය.නමුත් ක්‍රොස්ඕව නෙට්වර්ක් කේබලයක කුඩා කේබල කනෙක්ටර් එකට සම්බන්ද වෙන්නේ වෙනස් ක්‍රමයකට අනුවය.එම ක්‍රමය හදුන්වන්නේ ක්රෝස්ඩ් කේබල ක්‍රමය ලෙසයි.එම ක්‍රමය පිළිබදව විස්තරයක් පහල සදහන් වේ.ක්‍රොස්ඕවර්මේ කේබලය සාමාන්‍ය ටෙලිෆෝන් එකක ඇති කෙබලයට වඩා පොඩ්ඩක් ලොකුයි. මෙම කේබලය මිලදී ගන්නා විට පරිගණක දෙක අතර ඇති දුර ප්‍රමාණය බලා සුදුසු දුරකින් ගත යුතුය.එය ඔබ විසින් වගබලා ගත යුතුය.පහතින් දැක්වෙන්නේ එම කෙබලයි.



දැන් අපි බලමු මෙම කේබලයක් සාදා ගන්න ආකාරය,

මේ සදහා Cat 5 හෝ Cat5E කාණ්ඩයේ UTP කේබලයක් මිලදී ගත යුතුය.එය පරිගණක දෙක අතර දුරට සරිලන ආකාරයට ගත යුතුය.මෙම UTP කේබලයේ දෙපසට  RJ 45 කනෙක්ටර් දෙකක් සවි කරගත යුතුය.එම නිසා කනෙක්ටර් දෙකත් මිලදී ගත යුතුය.
UTP කේබලය 
RJ 45 කනෙක්ටරය
RJ 45 සවි කිරීමට පෙර ඔබට අවශ්‍ය නම් cap head boot එකක් දමා සවි කරගත හැකිය.
Cap Head Boot එක
මෙම කේබලය හා කනෙක්ටරය සවි කිරීම සදහා වෙනම ටුලයක්‌ අවශ්‍ය වෙනවා.එම නිසා ඔබ කේබලය ගන්නා තැනින්ම කේබලය හා කනෙක්ටර් දෙක දෙපතට සවිකරවා ගන්න.අවශ්‍ය නම් Cap Head Boot එකක් වයරය හා කනෙක්ටරය අතරට දමා සවි කරගන්න.ඔබට එය සවි කරගැනීමට හැකියාවක් පවතී නම් පහත රුපයේ ආකාරයට පාට අනුව අංක කර ඇති වයර කනේක්ටරයේ එම අංකයට සරිලන තැනට සවි කරගන්න.මෙම කනෙක්ටරය අංක කර ඇත්තේ එහි ක්ලිප් එක යටි අතට පිහිටන සේ හරවලාය.මෙම සම්බන්ද කරන ක්‍රමය හදුන්වන්නේ ක්රෝස්ඩ් කේබල් ක්‍රමය යනුවෙන්ය.
මෙවැනි උපකරණ පරිගණක උපාංග විකුණන තැනකින් ගන්න පුළුවන්.අපිට අවශ්‍ය වන්නේ එම දෙක විතරයි.

දැන් බලමු අපි මේවා බාවිතා කරලා වැඩේ කරගන්නේ කොහොමද කියල , ----------------------------------

ක්‍රොස්ඕව නෙට්වර්ක් කේබලය නිවැරදිව පරිගණක දෙකට සම්බන්ද කර ගැනීමෙන පස්සේ පරිගණක දෙක පන ගන්වන්න ඕනේ(ON).දැන් පරිගණක දෙකේ අයිපි ලිපින(IP address) මගින් පරිගණක දෙක සම්බන්ද  කරහ්ගත් යුතුය.දැන් යාළුවන් බලනවා ඇති අයිපි ලිපින කියන්නේ මොකක්ද කියල.අපේ ගෙවල් හදුනා ගැනීමටත් ලිපින තියනවා වගේ තමයි පරිගණක හදුනා ගැනීමටත් ලිපින තියනවා ඒවා තමයි අයිපි ලිපින කියන්නේ.මෙහිදී සදහන් කරන්නේ සරලව බාවිතා කරන්න පුළුවන් අයිපි ලිපින පරාස කිහිපයක් පමණි.එම පරාස අතුරින් යාබද අයිපි ලිපින දෙකක් පරිගණක දෙක වෙත ලබාදිය හැක.නමුත් යාබද අයිපි ලිපින බාවිතා කිරීම අනිවාර්ය නැත.ඔබට අවශ්‍ය නම් එම පරාසය තුල අයිපි ලිපින තැන් දෙකකින් බාවිතා කල හැක.මෙහිදී අපි යාබද අයිපි ලිපින බාවිතා කරන්නේ අපේ පහසුව උදෙසාය.මතක තබා ගැනීමේදී පහසුය.පරිගණක දෙකට වැඩිය නෙට්වර්ක් කිරීමේදී යාබද අයිපි ලිපින බාවිතා නොකිරිමේදී අපහසු තාවන්ට මුහුණ දීමට සිදුවේ.මක්නිසාද කිවහොත් අයිපි ලිපින හුගක් මතක තබා ගැනීමට සිදුවන හෙඉනි.එක ලග ලිපින ලබාදීමෙන් පහසුවෙන් මතක තබා ගත හැක.( ප්‍රදාන කරණය වන්නේ එකම අයිපි ලිපිනය පරිගණක දෙකටම ලබා නොදීමයි.ගෙවල් වල ලිපින ගත්තත් එකම ලිපිනය ඇති ගෙවල් නොමැත.එසේ තිබුණහොත් ඇතිවන දෙය ඔබට සිතාගත හැකිය.)

පෞද්ගලික ජාල කිරීම් සදහා බාවිතා කල හැකි අයිපි ලිපින පරාස කිහිපයක් පහත දැක්වේ.

Class A    10.0.0.0   -   10.255.255.255
Class B    172.16.0.0   -    172.31.255.255
Class C    192.168.0.0    -   192.168.255.255

මෙම අයිපි ලිපින බවිත කල හැක්කේ පෞද්ගලික ජාල කිරීම් සදහා පමණි.අන්තර්ජාල හෝ පොදු ජාල සදහා මෙම අයිපි ලිපින බාවිතා කල නොහැක.

දැන් අපි බලමු මේ අයිපි ලබා දෙන ආකාරය,

ඒ සදහා ඩෙස්ක්ටොප් එකේ ඇති My Network Places එක ඩබල් ක්ලික් කරීමෙන් හෝ Control Panel එක හරහා හෝ Network Connections එක වෙත යන්න.( ඩෙස්ක්ටොප් එක මත My Network Places එක නොපෙන්වයිනම් ඩෙස්ක්ටොප් එකෙහි හිස තැනක් මත රයිට් ක්ලික් කර ලැබෙන ඩ්‍රොප් ඩවුන් මෙනුවෙන් Properties වෙත ගිහින් ලැබෙන Display Properties ඩයලොග් බොක්ස් එකේ Desktop ටැබ් එක ක්ලික් කරන්න.එකේ තිබෙන Customize Desktop බට්න් එක ක්ලික් කර විට Desktop Items ඩයලොග් බොක්ස් එක ලැබේ.එහි My Network Places සිලෙක්ට් කරන්න.එම ආකාරයට ඔබගේ ඩෙස්ක්ටොප් එකෙහි My Computer , My Document වැනි අයිකන්ද නොමැති නම් මෙතනින් ඩෙස්ක්ටොප් තුලට ලබාගත හැක.දැන් සියල්ල Ok කරන්න ) දැන් අපි ඉන්නේ Network Connections එකෙය.
එහි ඇති Local Area Connection අයිකනය මත ඩබල් ක්ලික් කිරීමෙන් Local Area Connection Properties ඩයලොග් බොක්ස් එක ලැබේ.එහි General ටැබ් එක යටතේ ඇති Internet Protocol (TCP/IP) මත ඩබ්ල ක්ලික් කරන්න.
එවිට ලැබෙන Internet Protocol Properties ඩයලොග් බොක්ස් එකේ Use the following IP address ලෙස ඇති එක සිලෙක්ට් කර IP address ලෙස 192.168.0.1 ද Subnet mask  ලෙස 255.255.255.0 ද ලබා දෙන්න.දැන් Ok කර සියල්ල වසා දමන්න.එම ආකාරයටම අනෙක් පරිගණකයට ද IP address ලෙස 192.168.0.2 ද Subnet mask ලෙස 255.255.255.0 ද ලබා දී Ok කර සියල්ල වස දමන්න.

( My Network Place ----> Network Connections ---> Local Area Connection ----> Local Area Connection Properties -----> General ---> Internet Protocol (TCP/IP) ---> Internet Protocol Properties ----> Use the following IP address )

දැන් අපි බලමු වර්ක්ග්රුප් සකසන ආකාරය,

දැන් පරිගණක දෙක එකම ජාලයක බව පෙන්වීම සදහා එකම වර්ක්ග්රුප් එකට ඇතුල් කරගත යුතුය.ඒ සදහා  My Computer එක මත රයිට් ක්ලික් කර Properties එක මගින් හෝ Control Panel එකෙහි System අයිකනය මත ඩබල් ක්ලික් කිරීම මගින් System Properties ඩයලොග් බොක්ස් එක ලබාගත යුතුය.මෙම ඩයලොග් බොක්ස් එකේ ඇති Computer Name ටැබ් එක තෝරා එහි ඇති Change බට්න් එක ක්ලික් කර විට ලැබෙන Computer Name Change ඩයලොග් බොක්ස් එකෙහි ඇති Computer Name යටතේ පරිගණකට නමකුත් හා Workgroup එකට තමන්ට කැමති , වඩාත් ගැලපෙන නමක් ලබාදෙන්න.මෙහිදී ලබාදෙන Workgroup නමම අනෙක් පරිගනකයටද ලබා දෙන්න.Computer Name එක පරිගණක දෙකේ වෙනස් වුනාට කමක් නැත.දැන් පරිගණක දෙකම රිස්ටාට් කරන්න.
( My Computer -----> Properties ---> System Properties ---> Computer Name ----> Change ----> Computer Name Change )


මේ සියල්ලම නිසියාකාරයෙන් කර තිබේනම් පරිගණක දෙක එකිනෙකට ජාලගත වී තිබේ.ඔන්න යාලුවනේ මුලික වශයෙන් කලයුතු දේ කරලා ඉවරයි.දැන් තිබෙන්නේ ජාල ගත කර ඇති විට ලබාගත හැකි ප්‍රයෝජන කිහිපයක් ගැන සොයා බැලීමටය.

ඊලග නිබන්දනය සදහා මෙතනින් යන්න.( මෙම නිබන්දනයේ ඉතුරු කොටසට )

මෙම නිබන්දනයේ අඩුපාඩු , අදහස් , චෝදනා හා වෙනත් යමක ඔබට පැවසීමට තිබේනම් Comment කරන ලෙස ඉල්ලා සිටිමි.එමගින් මෙය පවත්වා ගැනීමට ලොකු දායකත්වයක් ලැබේ.ඔබ කැමතිනම් මගේ මේ Blog එක සදහා  Join This Site මගින් මෙම Blog එකට සම්බන්ද වෙන්න.


මෙම ලිපියට කැමතිද ?

මෙම ලිපියේ තරාතිරම :
{[['', '']]}
{["Useless", "Boring", "Need more details", "Perfect"]}

මෙම ලිපිය අනිත් අයටත් බෙදා දෙන්න :

ඔබගේ අදහස් , යෝජනා , චෝදනා පහලින් සදහන් කරන්න.
අදහස් යි.
අදහස් 8 යි.
.
.

8 comments:

  1. නියමයි යාලුවා ඉදිරියට ගෙන යාමට මගෙන් සුභ පැතුම්

    ReplyDelete
  2. මචන් මට පොඩ්ඩක් කියනවද 1 කොම් එකකට එන ඉන්ටර්නෙට් කනේක්සන් එක කොම් 2 දෙන්න පුලුවන්ද උබ කියන විදිහට දෙන්න කාඩ් එකක් ගහන්න ඔනෙනෙ එහෙම නැතිව

    ReplyDelete
  3. ehema nathiwanam....bari wei.wena widiyak nam mama danna saho. Bluetooth walin nam puluwan athi.karana widiyanam danna.

    ReplyDelete
  4. macho router ekak haraha karanne kohomada...?

    ReplyDelete

.