1. ඉලෙක්ට්‍රොනික් ගැන මුල ඉදන් ඉගෙන ගන්න කැමතිද ? වැඩි ඉල්ලීම මත ලගදීම් ආරම්භ කරයි.
  2. ලිපි සෙවීම සදහා පටුන බාවිතා කරන්න.
  3. අපගේ රසික පිටු වලට සම්බන්ද වී අලුත් ලිපි ඉක්මනින් ලබා ගන්න.
  4. විද්‍යුත් තැපෑල මගින් අලුත් ලිපි ඉක්මනින් ලබා ගන්න.
  5. ඔබට අවශ්‍ය ලිපි, ඔබගේ ප්‍රශ්න, අදහස් හා යෝජනා අදහස් | යෝජනා | චෝදනා පිටුවට එක් කරන්න.
  6. අපගේ Chrome Extension එක Download කර ගන්න.

Monday, March 26, 2012

මොබයිල් ෆෝන් අන්ලොක් කිරීම පිළිබද සටහනක්.


අද මම කියන්න යන්නනේ මොබයිල් ෆෝන් එක අන්ලොක් කිරීම සම්බන්දව විස්තර ටිකක්ය.මොබයිල් ෆෝන් සදහා මෙම අගුල් දන්නට හේතුව නම් එම සමාගමේ ඒවා පමණක් බාවිතා කරන්නට ඉඩ සැලැස්වීමය.උදාහරණක් කියනවනම් සමහර රටවල දුරකථන ගිණුමක් සමගම දුරකතනයක් නොමිලේ ලබාදේ.හැබැයි ඒ දෙන්නේ එම ජලය තුල පමණක් බාවිතා කරන්නය.වෙනත් ජාල පහසුකම් ලබා ගැනීමට
නොහැකි වන ලෙස අගුල් දාමය.පිට රට වලින් ගෙන දුරකථන අප රටේ වැඩ කරන්නේ නැත්තේ ඒ හේතුව නිසාය.යම් ආයතනයකින් දුරකතනයක් එය අගුල් දමා ඇත්නම් එම සිම් එකම දාගෙන වෙනත් රටකට ගොස් බාවිතා කිරීමේ හැකියාවක් පවතී.එය අපි රෝමිං පහසුකම ලෙස හදුන්වයි.එහෙත් වෙනත් සිම් එකක් බාවිතා කිරීමට සැලසුන හොත් විවිද කෝඩ් ඉල්ලා සිටි.


මෙම දමන අගුල් ආකාර කිහිපයක් තියනවා.

  • සිම් අගුල (SIM lock) - මෙම අගුල යොදා ඇති විට දුරකථනය සමග ලබා දුන් සිම් කාර්ඩ් එක හැර වෙනත් සිම් එකක් දන්නා බැ.
  • නෙට්වර්ක් අගුල (network lock) - මෙම අගුල යොදා ඇති විට අදාල නෙට්වර්ක් එකේ සිම් හැර වෙනත් නෙට්වර්ක් එකක සිම් බාවිතා කරන්න බැ.
  • රටවල් අගුල (country lock) - මෙම අගුල යොදා ඇති විට මෙම දුරකතනයේ සේවය ලබා දුන් රට හැර වෙනත් රටක සිම් කාර්ඩ් එකක් බාවිතා කරන්න බැ.
හැම රටකටම ජීඑස්එම් (GSM - Global System for Mobile Communications) ආයතනය මගින් හදුනා ගැනීමේ අංකයක් ලබා දී තිබේ.මෙම අංකය මොබයිල් කන්ට්‍රි කෝඩ් (MMC - mobile country code) ලෙස හදුන්වයි.දැන් හිතනවා ඇති අපේ රටේ එක මොකක්ද කියලා අපේ රටේ මොබයිල් කන්ට්‍රි කෝඩ් එක තමයි SRI හෙවත් 413. මේ විදියටම සේවාදායකයා සදහාද අංකයක් ලබා දේ.එම අංකය මොබයිල් නෙට්වර්ක් කෝඩ් (MNC - mobile network code) ලෙස හදුන්වයි.


ජංගම දුරකථන අන්ලොක් කිරීම මගින් බලාපොරොත්තු වන කරනා කිහිපයක් තිබේ.

  • විවිද රටවලදී එකම දුරකථනය බාවිතා කිරීමට හැකියාවක් ලබා ගැනීම.
  • එකම නෙට්වර්ක් එකකින් නැතව ඕනෑම නෙට්වර්ක් එකකින් ප්‍රයෝජන ගැනීමට හැකියාවක් ලබා ගැනීම.
  • එකම සිම් එකකින් පමණක් බාවිතා කිරීම පමණක් නොව වෙනත් ඕනෑම සිම් එකක් බාවිතා කිරීමේ හැකියාව ලබා ගැනීම.
ආදී කරුණු සපුරා ගැනීමට දුරකථන අන්ලොක් කර ගනී.

බහුල වශයෙන් බාවිතා වන්නේ ඒ සදහා සකසා ඇති මුදුකාංගයක් මගින් අන්ලොක් කිරීමය.මෙවැනි මුදුකාංග ගණනාවක් තිබේ.කෝඩ් කැල්කියුලේටර් (Code Calculator) යනු එවැනි මුදුකාංගයකි.ඔබත් එවැනි මුදුකාංග දන්නවනම් කොමෙන්ට් එකක් දමා මෙම ලිපියේ වටිනා කම වැඩි කරන්න.ඉන්ටර්නෙට් හරහා ද ජංගම දුරකථන අන්ලොක් කරන වෙබ් අඩවි තිබේ.පහතින් දැක්වෙන්නේ උදාහරණ කිහිපයක්.ඔබත් එවැනි වෙබ් අඩවි දන්නවනම් කොමෙන්ට් එකක් දමා මෙම ලිපියේ වටිනා කම වැඩි කරන්න.


විවිද ජාතියේ ජංගම දුරකථන අන්ලොක් කිරමට ඕන කරන මුදුකාංග හා උපදෙස් ලබා දෙන වෙබ් අඩවිද තිබේ.පහත දැක්වෙන්නේ උදාහරණ කිහිපයකි.ඔබත් එවැනි වෙබ් අඩවි දන්නවනම් කොමෙන්ට් එකක් දමා මෙම ලිපියේ වටිනා කම වැඩි කරන්න.


මෙම වෙබ් අඩවි වලදීත් , මුදුකාංග වලදීත් දුරකථන අන්ලොක් කිරීම සදහා අවශ්‍ය වන්නේ එම දුරකතනයේ අයිඑම්ඊඅයි (IMEI - International Mobile Equipment Identification) අංකයයි.මෙම අංකය දුරකතනයේ පිටුපස සදහන් වන අතර *#06# ලබා දීමෙන මෙම අංකය ලබා ගත් හැක.

මෙහිදී කිව යුතු දෙයක් තිබෙනවා.ජංගම දුරකථන අන්ලොක් කිරීම මගින් ජංගම දුරකථනය සේවා සපයන්නා විසින් ලබා දුන්  ගිවිසුම (warranty) අහෝසි වේ.එම නිසා මෙය කල යුත්තේ එම අවදානය ඔබ විසින් දරා ගෙනය.ඇතැම් විට අන්ලොක් කිරීම මගින් නීතිමය වශයෙන් දඩුවම් ලැබිය හැකි වරදකි.එම නිසා දුරකථන අන්ලොක් කිරීමට පෙර දුරකථන සේවා සපයන ආයතනයෙන් ඒ ගැන විමසා බැලීම නුවනට හුරුය.

මෙම නිබන්දනයේ අඩුපාඩු , අදහස් , චෝදනා හා වෙනත් යමක ඔබට පැවසීමට තිබේනම් Comment කරන ලෙස ඉල්ලා සිටිමි.එමගින් මෙය පවත්වා ගැනීමට ලොකු දායකත්වයක් ලැබේ.ඔබ කැමතිනම් මගේ මේ Blog එක සදහා  Join This Site මගින් මෙම Blog එකට සම්බන්ද වෙන්න.

මෙම ලිපියට කැමතිද ?

මෙම ලිපියේ තරාතිරම :
{[['', '']]}
{["Useless", "Boring", "Need more details", "Perfect"]}

මෙම ලිපිය අනිත් අයටත් බෙදා දෙන්න :

ඔබගේ අදහස් , යෝජනා , චෝදනා පහලින් සදහන් කරන්න.
අදහස් යි.
අදහස් 2 යි.
.
.

2 comments:

  1. me goodak site walin salli illanawa.e site walin apita code ela labenawa kiyala wiswasada

    ReplyDelete

.