1. ඉලෙක්ට්‍රොනික් ගැන මුල ඉදන් ඉගෙන ගන්න කැමතිද ? වැඩි ඉල්ලීම මත ලගදීම් ආරම්භ කරයි.
  2. ලිපි සෙවීම සදහා පටුන බාවිතා කරන්න.
  3. අපගේ රසික පිටු වලට සම්බන්ද වී අලුත් ලිපි ඉක්මනින් ලබා ගන්න.
  4. විද්‍යුත් තැපෑල මගින් අලුත් ලිපි ඉක්මනින් ලබා ගන්න.
  5. ඔබට අවශ්‍ය ලිපි, ඔබගේ ප්‍රශ්න, අදහස් හා යෝජනා අදහස් | යෝජනා | චෝදනා පිටුවට එක් කරන්න.
  6. අපගේ Chrome Extension එක Download කර ගන්න.

Saturday, February 11, 2012

පරිගණක දෙකක් නෙට්වර්ක් කිරීම (Networking) සහ එමගින් ප්‍රයෝජන ගැනීම.( 2වන නිබන්දනය )


ඔබ පරිගණක දෙකක් සම්බන්ද කිරීම(Networking) සහ ඒ පිලිබදව විස්තර දැනගැනීමට මෙතනින් යන්න.

මේ ලිපියෙන් ලබාදීමට බලාපොරොතු වන්නේ පරිගණක ජාල ගත කර ඇති විට ප්‍රොයෝජන ගන්න ආකාරය පිළිබදව දැනුවත් කිරීමටය.මෙම ලිපියෙන් පරිගණක දෙකක් පමණක් නොව පරිගණක දෙකකට වඩා වැඩි ගණනක් ජාල ගත කර ඇති අයටත් ප්‍රයෝජනවත් වේ.

දැන් බලමු අපි ගොනු , ෆෝල්ඩර්ස් , ප්‍රින්ටර් යනාදිය හුවමාරු කරගන්න ආකාරය------------------------.

ඒ සදහා My Network Place  විවෘත කර එහි තිබෙන View Workgroup Computer එක මත ඩබල් ක්ලික් කර විට අපි ජාල ගත කරපු පරිගණක අප ලබාදුන් නම් වලින් පෙන්වයි.එම අයිකන මත ඩබල් ක්ලික් කර විවෘත කරගැනීමෙන් හුවමාරු කරගත් හැකි ගොනු , ෆෝල්ඩර්ස් , ප්‍රින්ටර් ආදීන් පෙන්වයි.පහත තිබෙන
පින්තුර උදාහරණයක්‌ පමණක් බව සලකන්න.ඔබගේ පරිගණකයේ මෙම රුපයේ ආකාරයේ නොවෙන්නට පුළුවන.එය ගැටළුවක් කරගන්නට එපා.

වැඩි දුර තේරුම් ගැනීම සදහා හෝ වෙනත් ක්‍රමයක් සදහා පහත ඇති කුඩා Video එක බලන්න.


මෙම ආකාරය ඇරෙන්නට වෙන ආකාරයකුත් Windows වල අපිට ලබාදී තිබේ.නෙට්මිටං කියන්නේ එම මුදුකන්ගයයි.එමගින් ගොනු , ෆෝල්ඩර්ස් පමණක් නොව ,
  1. එක පරිගණකයකින් අනිත් පරිගණකයේ වැඩ කරන පුද්ගලයා සමග කතා කිරීමට හැකිය.
  2. වීඩියෝ, ඩොකියුමනට් සහ වෙනත් ෆයිල් ෂෙයාර් කිරීමට හැකි වීම.
  3. චැට් කිරීමට හැකි වීම.
  4. පරිගණක වැඩසටහන් ෂෙයාර් කිරීමට හැකි වීම.
  5. ඔන්ලයින් වයිට්බෝඩ් ක්‍රමය යොදා ගෙන තොරතුරු හුවමාරු කිරීමට හැකි වීම.
ආදියද කල හැකිය.මෙම පහසුකම Windows 7 සදහා ලබා දී නොමැත.මේ පිලිබදව දැන ගැනීමට මෙතනින් යන්න.

දැන් අපි බලමු එම ක්‍රමය මගින් වැඩ කරන ආකාරය.

මේ සදහා මුලික සැකසුමක් කල යුතුය එය අපි මුලින් බලමු----------------,

ඒ සදහා මුලින්ම Start මෙනුව මගින් Run වෙත පිවිසෙන්න.එහි ඇති ඩයලොග් බොක්ස් එකේ conf ලෙස ටයිප් කර Ok කරන්න.මෙම නෙට්මිටං වැඩසටහන මෙනු එකක් මගින් ලබා ගත නොහැක.එමනිසා තමයි ඉහත ආකාරයට මේ සදහා ලගවුනේ.

එවිට මුලින්ම ලැබෙන්නේ එමගින් කරගත හැකි කාර්යයන් පෙන්නුම් කරන වින්ඩෝවකි.එය කියවා බලා Next කරන්න.

එවිට ලැබෙන වින්ඩෝවේ තමයි අනිත් ජාල ගත වී ඇති අයට හදුනා ගැනීම සදහා තමා ගැන  විස්තර ලබා දෙන්නේ.එහි ඇති,
First Name - ඔබේ නමේ මුල් කොටසද
Last Name - ඔබේ නමේ අවසන් කොටසද
E-mail address - ඔබගේ ඊමේල් ඇඩ්‍රස් එකද
Location - ඔබේ පරිගණකය ඇති තනද
Comment - ඔබගේ පරිගණකය පිලිබදව හැදින්විමක්ද ලබා දෙන්න.
මෙම විස්තර ලබා දුන් පසු Next කරන්න.
එවිට ලැබෙන වින්ඩෝවේ ඇති විකල්ප අතරින් කිසිවක් Select නොකරම Next කරන්න.පහත රුපය උදාහරණයක්‌ බව සලකන්න.එම රුපයේ ආකාරයට කිසිවක් නොකරන්න.
එවිට ලැබෙන වින්ඩෝවේ අපිට තෝරන්න තියෙන්නේ කුමන වර්ගයේ ජාල සම්බන්දයක්ද කියා.ඒ සදහා අපි බාවිතා කරන්නේ Local Area Network යන්නය.එය සිලෙක්ට් කර Next කරන්න.
එවිට ලැබෙන වින්ඩෝවෙන් අපිට නෙට්මිටං වැඩසටහන විවෘත කර දැනීමට යෙදිය හැකි ෂෝට්කට් යෙදිය හැකි ආකාර ලැබේ.Put a shortcut to NetMeeting on my Desktop යෙදු විට Desktop එකෙහි තුල ෂෝට්කට් එකක්ද Put a shortcut to NetMeeting on my Quick Launch bar යෙදු විට ටාස්ක් බාර් එකේ ඇති ක්වික් ලෝන්ච් බාර් එක සදහා ෂෝට්කට් එකක්ද දැමිය හැක.ඔබට කැමති එකක් හෝ දෙකම තෝරා Next කරන්න.
දැන් ලැබුණු වින්ඩෝවේන් සවුන්ඩ් වල සැකසුම් කල හැක.එහි ඇති Volume මගින් ස්පිකර් හෝ හෙදඩ්ෆොන්ස්  වල ශබ්දය ඇසීම අඩු වැඩි කල හැක.මෙය ඔබට අවශ්‍ය ආකාරයට සකස් කර Next කරන්න.
දැන් ලැබෙන වින්ඩෝවෙන් මයික්‍රෝෆෝනය සැකසීම් කල හැක.මෙහි ඇති Record Volume යන්න තුලින් මයික්‍රෝෆෝනය ශබ්දය සැකසිය හැක.මේ සදහා මයික්‍රෝෆෝනය තුලට යම් ශබ්දයක් කර බලන්න.එවිට මෙහි ඇති වොලියුම් එක ඔරොත්තු නොදේ නම් Record Volume එක ගැලපෙන පරිදි සකස් කර ගත හැක.එය සකස් කර Next කරන්න.
දැන් මුලියවම කල යුතු සැකසුම අවසන්.දැන් අවසානයට Finish කරගත යුතුය.

මුලිකව කල යුතු සැකසුමෙන් පසු එමගින් වැඩ කරගන්න ආකාරය අපි දැන් බලමු--------------,

වැඩ කරගන්නා ආකාරය බලන්නට කලින් කියන්න ඕනේ මෙම වැඩ ටික කර ගැනීමට ජාල ගත කර ඇති අනිත් පරිගණක වලටත් ඉහත අපි කරපු මුලික සැකැස්ම කලයුතු බව.දැන් මෙම වැඩසටහන Open කර ගන්න.

1.මුලින්ම බලමු මෙම වැඩසටහන මගින් තවත් පරිගණකයක් සමග සම්බන්ද වෙන හැටි.

මෙය කිරීමට NetMeeting එකේ ඉහල දකුණු කෙලවරේ ඇති Place Call යන්න ක්ලික් කරන්න.

එවිට ඩයලොග් බොක්ස් එකක් ලැබේ.එහි To කියන තැන ඔබට සම්බන්ද විය යුතු පරිගණකයේ IP ලිපිනය ලබා දී Call කරන්න.

එවිට අපි ලබාදුන් ලිපිනයට අදාල පරිගණකය වෙත ඇමතුමක් ඇති බව පෙන්වයි.

එවිට එම පරිගණකයේ සිටින කෙනා විසින් එම ඇමතුම Accept කෙරුවේ නම් මුලික සකස් කිරීමේදී ලබා දුන් නම මගින් Name නම් ස්ථානයේදී පරිගණක දෙකේම පෙන්වයි.දැන් End Call කරේ නම් මෙම සම්බන්ද තාවය නැවතී.පහත දක්වන සියලු ක්‍රයාකාරකම් සදහා දැන් කියා දුන්නසේ පරිගණක දෙකක් සම්බන්ද කරගෙන කල යුතු බව සලකන්න.එවිට එම පරිගණක දෙක මුලික පරිගණක දෙකයි.

2.දැන් අපි බලමු මෙම වැඩසටහන මගින් චාට් කරන ආකාරය.

මේ සදහා මෙම වැඩසටහනේ පහල ඇති Chat එක ක්ලික් කල යුතුය.එවිට ලැබෙන වින්ඩෝවෙන් Message නම් බොක්ස් එක තුල යැවිය යුතු පණිවිඩය සදහන් කරන්න.දැන් Send To නම් මෙනු එක මගින් මෙම පණිවිඩය යැවිය යුතු කෙනාගේ නම   තෝරා Send Message නම් බට්න් එක ක්ලික් කරන්න.එවිට නමට අදාල පරිගණකයේ Chat  වින්ඩෝවේ ඉහළින් ඇති බොක්ස් එක තුල පණිවිඩය දැකගත හැකිය.මේ විදියට එම දෙදෙනා යැවිය හැක.ජාල ගතවී ඇති වෙනත් කෙනෙක්ට පණිවිඩයක් යවන්න අවශ්‍ය නම් මෙම සම්බන්ද තාවය End Call තුලින් නවතා දමා Place Call තුලින් නැවතත් අවශ්‍ය අනෙක් කෙනා සමග සම්බන්ද වී ඉහත ආකාරයට චාට් කල යුතුය.

3.දැන් අපි බලමු වයිට් බෝඩ් පහසුකම බාවිතා කරන ආකාරය.

මේ සදහා මෙම වැඩසටහනේ පහල ඇති Whiteboard එක මත ක්ලික් කල යුතුය.එවිට සාමාන්‍ය පේන්ට් වැඩසටහනට සමාන Whiteboard වැඩසටහනක් ලැබේ.
එහි ඇති ටුල් මගින් යම් යම් දේවල් අදින විට අපිත් සමග සම්බන්ද වී ඇති අනෙක් පරිගණකය තුලද එය පෙන්වයි.එසේම ඔහු විසින් යම් යම් දේවල් අදින විට අපෙගේ පරිගණකය තුලද දිස් වේ.මෙයද ජාල ගතවී ඇති වෙනත් කෙනෙක් සමග කිරීමට අවශ්‍ය නම් මෙම සම්බන්ද තාවය End Call තුලින් නවතා දමා Place Call තුලින් නැවතත් අවශ්‍ය අනෙක් කෙනා සමග සම්බන්ද වී ඉහත ආකාරයට කල යුතුය.

මෙමගින් පන්ති කාබරයක , දේශන කරන තැනක හෝ සංවාදයේ යෙදෙන විට අවශ්‍ය කරුණු වඩාත් පැහැදිලි කර ගැනීමට මෙය බාවිතා කල හැක.

4.දැන් අපි බලමු වැඩසටහන් හවුලේ බාවිතා කරන අකාරය.

මෙම NetMeeting තුල වැඩසටහන් හවුලේ බවිත කල හැක.නමුත් මුලික පරිගණක දෙකට හැරෙන්න අනෙක්  ජාල ගතවී ඇති අයට වැඩසටහනට අදාල වෙනස් විම කල නොහැක.ඒ අයට කල හැක්කේ වැඩසටහන නරඹන්න පමණය.මේ සදහා මෙම වැඩසටහනේ පහල ඇති Share Program එක මත ක්ලික් කල යුතුය.

එවිට Sharing වින්ඩෝවක් ලැබේ.එහි තිබෙන Share Program නම් තැනින් හවුලේ තබාගැනීමට අපට අවශ්‍ය කරන වැඩසටහන සිලෙක්ට් කර Share බට්න් එක ක්ලික් කල යුතුය.එවිට එම වැඩසටහන ජාල ගත වී ඇති අනෙක් පරිගණක වලද පෙන්නුම් කරයි.

Sharing වින්ඩෝවෙන් පෙන්නුම් කරන්නේ මොන වැඩසටහන්ද කියා ගැටළුවක් ඇති.එහිදී පෙන්නුම් කරන්නේ දැනට ඔබගේ පරිගණකයේ විවෘතව ඇති වැඩසටහන්ය.එම නිසා Share කල හැක්කේ විවෘතව ඇති වැඩසටහන් පමණි.

5.දන අපි බලමු මෙමගින් කොහොමද ෆයිල් හුවමාරු කරන්නේ කියලා.

a.පළමුව අපි ෆයිල් හෝ ෆෝල්ඩර් යවන හැටි බලමු.

මේ සදහා NetMeeting වැඩසටහනේ පහල දකුණු පැත්තේ ඇති Transfer File නම් එක ක්ලික් කරන්නන්.දැන් ලැබෙන්නේ File Transfer වින්ඩෝවයි.එහි දකුණු පස ඇති මෙනුව මගින් ෆයිල් යවන්න ඕන පරිගණකයේ නම තෝරා වම් පැත්තේ තියන Add File එක ක්ලික් කරන්න.

එවිට ලැබෙන්නේ Select Files to Send ඩයලොග් බොක්ස් එකයි.එමගින් ඔබට අවශ්‍ය ෆයිල් එක හෝ ෆෝල්ඩර් එක තෝරාගෙන Add බට්න් එක ක්ලික් කරාන්න.එවිට File Transfer වින්ඩෝව තුලින් එම ෆයිල් එක හෝ ෆෝල්ඩර් එක පෙන්නුම් කරයි.එම ආකාරයට යැවිය යුතු සියලු ෆයිල් හෝ ෆෝල්ඩර් ලබාගැනීමෙන් අනතුරුව ඒවා යැවීම සදහා File Transfer  වින්ඩෝවේ ටුල් බාර් එකේ ඇති Send All බට්න් එක ක්ලික් කල යුතුය.දැන් ඔබේ ජලයේ ඇති වේගය අනුව ඒවා අනෙක් පරිගණකය වෙත යෑම සදහා යම් කාලයක් ගත වේ.


b.දැන් අපි බලමු ලැබුණු ෆයිල් හෝ ෆෝල්ඩර් ටික බලන්නේ කොහොමද කියලා.

ඔබ වෙත ෆයිල් හෝ ෆෝල්ඩර් ටිකක් ලැබුනේනම් ඒ බව දන්වා ඩයලොග් බොක්ස් එකක් ඔබ වෙත ලැබේ.එහි ඇති,
Open බට්න් එක ක්ලික් කර ඔබ වෙත ලැබුණු ෆයිල් හෝ ෆෝල්ඩර් ටික බලාගත හැක.
Close බට්න් එක ක්ලික් කර ඔබ වෙත ලැබුණු ෆයිල් හෝ ෆෝල්ඩර් ටික පසුව බලාගැනීමට යොමු කල හැක.
Delete බට්න් එක ක්ලික් කර ඔබ වෙත ලැබුණු ෆයිල් හෝ ෆෝල්ඩර් ටික මකා දැමිය හැක.

අපි මෙම ෆයිල් හෝ ෆෝල්ඩර් ටික මකා නොමැති නම් ඒවා Received File ෆෝල්ඩර් එක තුල තැම්පත් වී පවතී.එය ලබා ගැනීම සදහා NetMeeting වැඩසටහනේ පහල දකුණු පැත්තේ ඇති File Transfer වින්ඩෝවේ ඇති ටුල් බාර් එකේ View Received File නම් බට්න් එක ක්ලික් කල යුතුය.එවිට Received File ෆෝල්ඩර් එක ලැබේ.එහි සාමාන්‍ය ෆයිල් එකක ඇති ෆයිල් හෝ ෆෝල්ඩර් සේ ඔබට ලැබුණු සියලුම ෆයිල් හෝ ෆෝල්ඩර් ටික දැකගත හැක.එය ඔබට අවශ්‍ය පරිදි වෙනස් කල හැක.


මේ ආකාරයට තමයි මෙම වැඩසටහන මගින් ප්‍රයෝජන ගන්නේ.පහත රුපයේ පෙනෙන්නේ මෙහි කොටස් නම් කෙරු රූපයකි.එය ඔබට පහසුවක් වේවි.


පරිගණක දෙකක් නෙට්වර්ක් කිරීමෙන් පසු ලබාගත හැකි තවත් ප්‍රයෝජනයක් වන පරිගණක දෙකෙන් එක්ක සර්වරයක (Server) ලෙස යොදා ගැනීමට පිළිබද දැනගැනීමට ඊලග නිබන්දනයට යන්න.


මෙම නිබන්දනයේ අඩුපාඩු , අදහස් , චෝදනා හා වෙනත් යමක ඔබට පැවසීමට තිබේනම් Comment කරන ලෙස ඉල්ලා සිටිමි.එමගින් මෙය පවත්වා ගැනීමට ලොකු දායකත්වයක් ලැබේ.ඔබ කැමතිනම් මගේ මේ Blog එක සදහා  Join This Site මගින් මෙම Blog එකට සම්බන්ද වෙන්න.

මෙම ලිපියට කැමතිද ?

මෙම ලිපියේ තරාතිරම :
{[['', '']]}
{["Useless", "Boring", "Need more details", "Perfect"]}

මෙම ලිපිය අනිත් අයටත් බෙදා දෙන්න :

ඔබගේ අදහස් , යෝජනා , චෝදනා පහලින් සදහන් කරන්න.
අදහස් යි.
අදහස් 2 යි.
.
.

2 comments:

.